නාවික හමුදාව පුක්කුලම් ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 60 ක් සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මැයි 05) විල්පත්තුව, පූක්කුලම් වෙරළ ප්‍රදේශයේ මාළු වාඩියක තිබී නිතිවිරෝධි ධීවර දැල් 60ක් සොයාගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදා පුද්ගලයින් විසින් අද උදෑසන පුක්කුලම් වෙරළ ප්‍රදේශයේ ධීවර නිවාස ඇතුළුව සිදුකරන ලද මෙම වටලා පරීක්‍ෂාවේදී හිමිකරුවකු නොමැතිව මාළු වාඩියක දමාගොස් තිබූ මීටර් 500 ක් දිගින් යුත් නයිලෝන් වර්ගයේ තහනම් ධීවර දැල් 60 ක් සොයාගෙන ඇත. අදාල පරීකෂාවෙන් පසු නාවික හමුදා භාරයට ගත් මෙම තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.