නාවික හමුදාව විසින් නීතිවීරෝධි ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මැයි 04) පුල්මුඩේ, අරිසිමලේ වෙරළ ප්‍රදේශයේ දී නීතිවිරෝධි ධීවර කටයුතු සඳහා භාවිතාකරන ආම්පන්න කිහිපයක් සොයාගෙන ඇත.

ඒ අනුව, ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී අතහැර දමා ගොස් තිබූ නීතිවිරෝධි ධීවර කටයුතු සඳහා භාවිතාකරන ආම්පන්න කිහිපයක් අරිසිමලේ වෙරළ ප්‍රදේශයේ දී හමුවිය. එහිදී තහනම් දැල් 02 ක්, ඩිංගි යාත්‍රාවක්, ධීවර වරල් යුගලක් සහ පිහි 02 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම උපකරණ ඉදිරි කටයුතු සඳහා කුච්චවේලි, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.