හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (මැයි 04) පුත්තලම නගරයේදී හෙරොයින් ග්‍රෑම් 2.1 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන් පිරිසක් එක්ව පුත්තලම නගරයේදී සිදු කළ සෝදිසි කිරීමකදී කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කල බස්රථයක් පරීක්‍ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයෙකු ලඟ තිබී කුඩා පැකට් 08 කට අසුරා තිබූ හෙරොයින් ග්‍රෑම් 2.1 ක් සොයාගෙන ඇති අතර, එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 වයසැති පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, මෙම පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකෙරේ.