කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.25 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මැයි 03) කල්පිටිය, කුරිඤ්ඤන්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.25 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා රැගෙන එන අවස්තාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු වයස අවුරුදු 22 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇති ඇත. එම පුද්ගලයා සහ කේරළ ගංජා තොගය පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.