ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛ යින් දෙදෙනෙකු නාවික හමුදාවට පරිත්‍යාග කෙරේ.

නාවික හමුදා සුනඛ සංචිතයට ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛයින් දෙදෙනෙකු ඊයේ (මැයි 03) මොරටුව, කටුබැද්දේ ප්‍රදේශයේ පදිංචි දෙවන්ගා අතුකෝරල මෙනවිය විසින් එම නිවසේදී පරිත්‍යාග කරන ලදී.

ඒඅනුව, රට තුල පවතින ව්‍යසනකාරි තත්වය මත ආරක්‍ෂක අංශ මගින් සඟවා තිබෙන පුපුරණ ද්‍රව්‍ය, සැකකටයුතු පුද්ගලයින් සහ නීතියෙන් වසන්කර තිබෙන බඩුබාහිරාදිය සොයාගැනීම සඳහා මෙම ඉව අල්ලන සුනඛයින් යොදා ගනිමින් ඉතා සාර්ථකව සෝදිසි මෙහෙයුම් සිදුකරන බැවින් රටේ අවශ්‍යතාවය හඳුනාගත් මෙම පරිත්‍යාගශිලි දෙවන්ගා අතුකෝරල මෙනවිය සහ ඇගේ පවුලේ අය විසින් මෙම ලැබ්‍රඩෝ රිට්‍රිවර් වර්ගයේ ශෙපලින් (Zeppelin) සහ ජෝවි (Jovi) යන සුනඛයින් දෙදෙනා නාවික හමුදා සුනඛ සංචිතය වෙත පරිත්‍යාග කරන ලදී.

එම අවස්ථාවේ දී නාවික හමුදාව විසින් ඔවුන්ගේ පරිත්‍යගශිලීත්වය අගයනු වස් සමරු තිළිණයක් පිරිනැමිමට කටයුතු කරන ලදි.