නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (මැයි 03) නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා එම අමාත්‍යංශ කාර්යාලයේ දී හමුවිය.

එහිදී, නාවික හමුදාධිපතිතුමා විසින් නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා හට සුභ පැතුම් පිරිනමන ලද අතර, රාජකාරිමය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡාවක් පවත්වන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.