නාවික හමුදාව පරාක්‍රම සමුද්‍රය පිරිසිදු කිරීමට එක්වෙයි

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය අප්‍රේල් 07 වන දින පරාක්‍රම සමුද්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. පරාක්‍රම සමුද්‍රයේ කොටසක ආක්‍රමණික ජලජ පැලෑටි වලින් පිරි ඇති බව නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇති අතර, ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව පරාක්‍රම සමුද්‍රය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

පුරා දින තුනක් පැවැති මෙම වැඩසටහන පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතියේ නාවික හමුදා සම්බන්ධීකාරක සහ පරිපාලන නිලධාරි, කොමාණ්ඩර් විජය ගුණවර්ධන විසින් සංවිධානය කරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයට සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගිවන ලදි.