කැස්බෑ මස් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 03) ඩෙල්ෆ්, කුඩාවේලි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 4.5 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෑතක සිට වඳවී යන සත්ත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින‍ මෙම කැස්බෑවන් ආරක්‍ෂා කර සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම මෙවැනි සත්වයින් සුරක්‍ෂිත කිරීම ශ්‍රී ලාංකීක අප සැමගේ වගකිමක් වන අතර, ඒ සඳහා අප සැම එක්ව කටයුතු කළ යුතුව ඇත.