දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

යට්ටෝවිට, බෙලිගහ පාරේ ඇති දියමංකඩේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (මාර්තු 31) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

යට්ටෝවිට, බෙලිගහ පාරේ ඇති දියමංකඩේ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව දොම්පේ, පොලිසිය විසින් නාවික හමුදා මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව බටහිර නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලද අතර, මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගන්නා ලදී

තවද, එම පුද්ගලයා යට්ටෝවිට, තිත්තපත්තර පදිංචි අවුරුදු 19 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා දොම්පේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.