ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් ඕස්ට්‍රේලියානු නාවික හමුදා ‘කැන්බරා’ නෞකාවේ සංචාරයක

‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වු ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විමට ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට ඊයේ (මාර්තු 26) කොළඹ වරාය පරිශ්‍රයේදී අවස්ථාව උදාවිය.

27 Mar 2019

ලුතිනන් කොමාණ්ඩර් අතුල බණ්ඩාර ශ්‍රීලංනා‍‍නෞ හංසයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) අතුල බණ්ඩාර ඊයේ (මාර්තු 26) වැඩ භාර ගන්නා ලදී. නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (අවි) ධම්මික ජයවර්ධන විසින් ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.

27 Mar 2019

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්‍රිකුණාමලය, නොර්වේ දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.

27 Mar 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 80 සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

27 Mar 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) කල්පිටිය, එරුමතිව් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

27 Mar 2019