නාවික හමුදාව සහ පොලිසිය විසින් සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 09 ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව අද (මාර්තු 24) දකුණු මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යාත්‍රාවක් සමඟ විදේශීය පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට පත්විය.

24 Mar 2019

ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු දූත පිරිස නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ‘කැන්බරා’ නෞකාවේ ධජ නිලධාරී, එයාර් කොමදෝරු රිචඩ් ඔවන් මහතා සහ ‘නිව්කාසල්’ නෞකාවේ අණදෙන නිලධාරිණී, කොමාණ්ඩර් ඇනීටා සෙලික් මහත්මිය අද (මාර්තු 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා හමුවිය.

24 Mar 2019

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (මාර්තු 23) වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.

24 Mar 2019

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 ක් සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) ඊයේ (මාර්තු 23) රාත්‍රී කාලයේදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

24 Mar 2019