ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් (02) ත්‍රිකුණාමලය වරායට

දෙවන ලෝක යුධ සමයේදී මඩකලපුව මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වූ නෞකාවක් සෙවිමේ මුලික කටයුතු සඳහා පසුගිය මාර්තු 11 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටීනා’ සහ ‘ලීවූන්’ යන යුද නෞකාවන් අද (මාර්තු 17) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

17 Mar 2019

‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියට සමගාමීව නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් 2019 මාර්තු 16 වන දින සිට මාර්තු 23 වන දින දක්වා ‘ත්‍රිපිටකාභිවන්දානා’ සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

17 Mar 2019

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ මුහුදු පිහිනුම් තරඟාවලියේ පිරිමි ප්‍රථම ස්ථානය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් සංවිධානය කරන ලද කිලෝ මීටර් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය ඊයේ (මාර්තු 16) ශ්‍රී ලංකා ජිවිතාරක්‍ෂක පාසල පිහිටි බලපිටිය, මුහුදු තීරයේ උත්කර්ශවත් අයුරින් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය.

17 Mar 2019

හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 17) හුනෛස් නගර් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතුරතුරදි වල දමා තිබූ අන්තරාදායක මත්ද්‍රව්‍යයක් වන හෂීෂ් මත්කුඩු කිලෝග්‍රෑම් 1 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

17 Mar 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 91.561 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 17) උදෑසන පේදුරුතුඩුව, තික්කම් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 91යි ග්‍රෑම් 561 සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය ශ්‍රී ලංකා දේශසීමාව හරහා මෙරටට රැගෙන ඒමට ඇතැයි සැක පළ කෙරේ.

17 Mar 2019