කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.12 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදා ‍තොරතුරකට අනුව ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් මෙන්ම අරුගම්බේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් අද (මාර්තු 16) පොතුවිල්, කොට්ටුයාලේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 12 සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය විකිණිම සඳහා නිවසක් තුල සුදානාම් කර තිබියදි සොයා ගෙන ඇත.

16 Mar 2019

ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් අද (මාර්තු 16) අළුයම නිමාවට පත් විය.

16 Mar 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 16) බත්තලංගුඩුව, පැරමූන් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

16 Mar 2019