නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 13) උදෑසන සින්නපාඩු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හත්දෙදෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත.

13 Mar 2019

ජ්‍යේෂ්ඨ නාවිකයින් 55 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 55 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (මාර්තු 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

13 Mar 2019

ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය සිය 07 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ 07 වන සංවත්සරය ඊයේ (මාර්තු 12) දිනට යෙදී තිබූ අතර, ඒ අනුව එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (ජලමානක) නදිත් වල්පොල ඇතුළු නැව් මුළුව විසින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු යොදා තිබුණි.

13 Mar 2019