කැස්බෑ සංරක්‍ෂණයට නාවික හමුදා දායකත්වය

මෑතක සිට වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවා අතීතයේ සාගර ආශ්‍රිතව බහුල වශයෙන් දක්නට ලැබුණු සත්ත්ව විශේෂයක් වන අතර, මෙම සත්ව විශේෂය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට මේවන විට කටයුතු යොදා ඇත.

10 Mar 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 09) වලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

10 Mar 2019

නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් පසුගිය මාර්තු 05 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘රන් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (මාර්තු 09) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

10 Mar 2019

නාවික මෙහෙයුමකින් උතුරු මුහුදේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 312.5 ක් සොයා ගැනේ

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 09) අනලතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 312.5 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

10 Mar 2019