නාවික මෙහෙයුම් අතරතුර තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 1053.75 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 07) මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වූ අතර, එම ප්‍රදේශයේ අද උදෑසන තවදුරටත් සිදු කළ සෝදිසි කිරිම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1053.75 ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.

ඒ අනුව ඊයේ සහ අද සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1377.15 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇත. මෙම බීඩී කොළ පාර්සල් වශයෙන් අසුරා බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. එම බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

නාවික හමුදාව ශ්‍රී ලංකාව වටා පිහිටි මුහුදු ප්‍රදේශය සහ වෙරළ තීරය නිරන්තර විමර්ශනයට ලක් කරන අතර, එමගින් සාගරය හරහා සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඩලීමට හැකිවී ඇත. නිරන්තර අවධානයෙන් රාජකාරී කරන නාවික පුද්ගලයින් නිසා මුහුදු මගින් සිදුවන ජාවාරම් රාශියක් වළකාලීමටත්, එම ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් නාවික හමුදාව සමත්ව ඇත. තවද, පසුගිය ජනවාරි මස 31 වන දින නාවික හමුදා තොරතුරකට අනුව මන්නාරම, නූර් වීදියේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 529 ක් සෙයා ගැනීමට පොලිසිය සමත් විය.