නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 30 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (මාර්තු 07) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් තිස්දෙනෙකු (30) නාවික හමුදා භාරයට ගෙන ඇත.

07 Mar 2019

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තානාපති උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, අතිගරු චේන්ග් සූයුවාන් (Cheng Xueyuan) මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (මාර්තු 06) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

07 Mar 2019

නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 30 ක් නාවික හමුදා භාරයට

දකුණු මුහුදු තීරයේ මුර සංචාරයේ නියුතු නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවන් දෙකක් මඟින් අද (මාර්තු 07) අළුයම දකුණු මුහුදේ නාවික සැතපුම් 80 ක් දුරින් යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම යාත්‍රාව පරික්‍ෂා කිරීමේදී නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් තිස්දෙනෙකු (30) නාවික හමුදා භාරයට ගෙන ඇත.

07 Mar 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.7 ක් සොයා ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව පුත්තලම, පොලිසිය සහ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 06) රාත්‍රී 10.30 ට පමණ පුත්තලම, කරඹ පෙරියතිව් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.7 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

07 Mar 2019