ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තානාපති උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, අතිගරු චේන්ග් සූයුවාන් (Cheng Xueyuan) මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (මාර්තු 06) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදි නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන අචාර මුරයක් තානාපතිතුමා වෙත පිරිනැමීමෙන් අනතුරුව විධාන ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා විසින් විධාන මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

අනතුරුව තානාපති අතිගරු චේන්ග් සූයුවාන් මහතා ආඥාපතිතුමා හමුවි ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. පසුව තානාපතිතුමා ඇතුළු පිරිස තලෛයිමන්නාරම ජැටිය, ප්‍රදීපාගාරය හා ආදම්ගේ පාලම ලෙස නම් ලද වැලිපර නිරීක්ෂණයට ද සහභාගී විය.