34 වන විවෘත ජාතික ඔරු පැදීමේ තරඟාවලිය - 2019

ජාතික ඔරු පැදීමේ තරඟාවලිය (National Rowing Championship – 2019) පසුගිය පෙබරවාරි මස 28 දින සිට මාර්තු මස 02 වන දින දක්වා පුරා දින 03ක් දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී (Water Sport Centre) පැවැත්විය. මෙම ජාතික ඔරු පැදීමේ තරඟාවලිය සදහා ත්‍රිවිධ හමුදාව̦ කොළඔ විශ්වවිද්‍යාලය̦ මොරටුව විශ්වවිද්‍යාලය,කොළඔ ඔරු පැදීමේ සංගමය සහ පාසල් 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 ක් පමණ සහභාගි විය.

මෙම තරඟාවලියේ සම පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිමිකර ගන්නා ලදි. මෙහිදී කාන්තා අංශ‍යේ අනු ශූරතාය නාවික හමුදා කාන්තා කන්ඩායම දිනා ගත් අතර, පිරිමි අංශයෙන් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කමක් සහ කාන්තා අංශයෙන් රිදී පදක්කමක්, ලෝකඩ පදක්කමක් වශයෙන් සමස්ථ පදක්කම් 05 ක් නාවික හමුදාව විසින් හිමිකරගන්නා ලදි.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සහභාගි වු අතර, ත්‍රිවිධ හමුදා ඔරු පැදීමේ සංගමයේ සභාපතිවරුන් සහ ලේකම්වරුන්ද සහභාගි විය.