මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 188 ක් නාවික හමුදාව සොයාගනී

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 02) උදැසන මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව, අඩි 150 ක් පමණ දිගකින් යුත් තහනම් දැල් 09 ක් සහ අඩි 100 ක් පමණ දිගකින් යුත් තහනම් දැල් 179 සොයා ගත් අතර, අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මෙවැනි නීති විරෝධී ධීවර ආම්පන්න භාවිතාකරමින් මසුන් ඇල්ලීමෙන් ශ්‍රීලංකා මුහුදු තීරය වටා තිබෙන්නා වූ මත්ස්‍ය සම්පත සිඝ්‍ර‍යෙන් වඳවී යා හැකි බැවින්, එම විනාශ කාරී ක්‍රියාවන්ගෙන් මෙරට මත්ස්‍ය සම්පත සුරැකීමේ මහඟු කර්තව්‍යයට නාවික හමුදාව නිරන්තරයෙන් ඇප කැපවී සිටිනු ඇත.