විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 26 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් දහනව දෙනෙකු (19) සහ නිලධාරින් සිව් දෙනෙකු (04) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (මාර්තු 02) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.

02 Mar 2019

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව කසමෝරු ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමකට අනුව අද (‍මාර්තු 02) වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ මීගමුව, ධීවර කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ මෙහෙයුමකින් තහනම් මත්ස්‍ය විශේෂයක් වන කසමෝරුන් අල්ලා මීගමුව ධිවර වාරාය වෙත රැගෙන එමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Mar 2019

ශ්‍රීලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව කණිෂ්ඨ නාවික නිවාසයක් විවෘත කරයි

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ අලුතින් ඉදිකරණ ලද කණිෂ්ඨ නාවික නිවාසය වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා විසින් අද (මාර්තු 02) විවෘත කෙරිණි.

02 Mar 2019

හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 01) මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Mar 2019