නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව කසමෝරු ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමකට අනුව අද (‍මාර්තු 02) වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ මීගමුව, ධීවර කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ මෙහෙයුමකින් තහනම් මත්ස්‍ය විශේෂයක් වන කසමෝරුන් අල්ලා මීගමුව ධිවර වාරාය වෙත රැගෙන එමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සතුව තිබූ කසමෝරුන් කිලෝ ග්‍රෑම් 242 ක්, වරල් කිලෝ ග්‍රෑම් 17 ක් සහ බහුදින ධීවර යාත්‍රාව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව, ධීවර කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.