ශ්‍රීලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව කණිෂ්ඨ නාවික නිවාසයක් විවෘත කරයි

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ අලුතින් ඉදිකරණ ලද කණිෂ්ඨ නාවික නිවාසය වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා විසින් අද (මාර්තු 02) විවෘත කෙරිණි.

කණිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධනය සඳහා අලුතින් ඉදිකරන ලද මෙම නිවාසය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා වයඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා මහතා, ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ අණදෙණ නිලධාරි, විධයක නිලධාරී, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගිවිය.