රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල අද (මාර්තු 01) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් ගිණිකොන නාවික විධානය වෙත පිළිගත් අතර, ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා මහනාඝ ආයතනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් කළුබෝවිල වෙත භාර දීම සිදු කෙරිණි. එමෙන්ම මිට පෙර රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල මහතා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් රාජකාරී සිදු කරන ලදී.

තවද, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් පෙරේරා වයඹ නාවික විධාන භාර ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇති අතර, එතුමන් හට ගිණිකොන නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාරමුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.