නාවික හමුදාධිපතිතුමන් ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (පෙබරවාරි 20) ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
21 Feb 2019
ත්‍රිකුණාමලයේ වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ගැනීම සඳහා නාවික හමුදා සහාය
භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණිම් සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් සිදු කිරීමට භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු යොදා ඇති අතර, මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින්ගේ ද සහාය ලබා ගැනීමට කටයුතු කර ඇත.
21 Feb 2019
කපිතාන් නලින් නවරත්න මහතා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නලින් නවරත්න මහතා අද (පෙබරවාරි 21) වැඩ භාර ගන්නා ලදී.
21 Feb 2019
ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අබුඩාබිහිදි වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි
පසුගිය පෙබරවාරි 17 වන දින අබුඩාබිහි ආරම්භ කරන ලද ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සහභාගී වූ සයුරළ නෞකාව ඊයේ (පෙබරවාරි 20) වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.
21 Feb 2019
දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
මාඋස්ස කැලේ ජලාශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (පෙබරවාරි 20) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
21 Feb 2019
නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 20) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.
21 Feb 2019
හක් බෙල්ලන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 20) කල්පිටිය, මොහොතුවාරම් ප්‍රදේශයේදී හක් බෙල්ලන් 24 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස යතුරු පැදියක් මඟින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
21 Feb 2019
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් දහතුන්දෙනෙකු (13) නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවකට සහ වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් උතුරු මුහුදේ ඊයේ (පෙබරවාරි 20) සිදු කළ මුර සංචාරයන් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහතුන්දෙනෙකු (13) අත්අඩංගුවට ගෙන ඇත.
21 Feb 2019
ධිවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 20) පුල්මුඩේ, පොල්මල්කුඩා වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
21 Feb 2019