නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 20) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව, අඩි 150 දිගැති තහනම් දැල් 05 ක් සොයා ගත් අතර, අදාල ධීවර දැල් ඉදිරි කටයුතු සඳහා මුලතිව්, ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.