නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහන රැසක්

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘Dunlop Bell Sailing Championship – 2018’ රුවල් යාත්‍රා තරඟාවලිය 2019 පෙබරවාරි මස 15 සහ 16 යන දෙ‍දින තුල මට්ටක්කුලිය, කාක දූපත ආසන්න මුහුදු තීරයේදී පැවැත් විණි. ඒ අනුව පසුගිය පෙබරවාරි 16 වන දින මෙම තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩකයින් ඇතුළුව CMYC, RCYC, Royal College, St Thomas college, Bentota Windsurfing Club යන රුවල් යාත්‍රා සමාජ නියෝජනය කරමින් දේශීය හා විදේශීය ක්‍රීඩකයින් 98 දෙනෙකු සහ යාත්‍රා 62 ක් එක් විය.

ඒ අනුව, ජිපී (GP 14) අංශයේ පළමු දෙවන හා සිව්වන ස්ථාන, එන්ටර්ප්‍රයිස් (Enterprise) අංශයේ දෙවන හා තෙවන ස්ථාන, ලේසර් ස්ටැන්ඩඩ් (Laser standard) අංශයේ පළමු දෙවන හා තෙවන ස්ථාන, ලේසර් රේඩියල් (Laser radial) අංශයේ තෙවන ස්ථාන සහ සුලං යාත්‍රා (Wind surfing) අංශයේ පළමු හා තෙවන වශයෙන් තරඟාවලිය තුල වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබා ගනිමින් සමස්ථ ශූරතාවය නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය විසින් අත් කර ගැනීමට සමත් විය.