2019 ජාතික ඔරු පැදීමේ තරඟාවලිය සමස්ථ ශූරතාවය නාවික හමුදාවට

ජාතික ඔරු පැදීමේ තරගාවලීය (National Canoe Sprint Championship – 2019) පෙබරවාරි මස 13 වන දින සිට 16 වන දින දක්වා දින 03 ක් දියවන්නා ඔයේදී පැවැත්විය. මෙම තරගාවලීය සදහා ත්‍රිවිධ හමුදාව, කොළඔ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, කොළඔ රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, කාන්තා විද්‍යාලය, විශාකා විද්‍යාලය හා කොළඔ ඔරු පැදීමේ සංගමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම තරගාවලීයේ සමස්ත කාන්තා සහ පිරිමි ශුරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හිමිකර ගන්නා ලද අතර, කාන්තා අංශයෙන් රන් පදක්කම් 07ක් ලෝකඩ පදක්කම් 03ක් හා පිරිමි අංශයෙන් රන් පදක්කම් 06 ක් ලෝකඩ පදක්කම් 02 ක් ඇතුළුව සමස්ථ පදක්කම් 18 ක් හිමිකර ගනීමින් ජාතික ඔරු පැදීමේ තරගාවලීයේ සමස්ථ ශූරතාවය හිමිකර ගැනිමට නාවික හමුදාව සමත්වී ඇත.

මෙම තරගාවලීයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඔරු පැදීමේ සංගමයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි ඩී දේවහෙන්ද්‍රි මහතා සහභාගී විය.