නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය ඊයේ (පෙබරවාරි 15) වන දින පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 16ක්, බිත්තර සමඟ පොකිරිස්සෙක් ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවටපත් පුද්ගලයින්, මසුන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.