තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්, පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබරවාරි 15) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ත්‍යාග 6 ක්, දොර දෙකේ ශීතකරණ 7ක්, රෙදි සෝදන යන්ත්‍ර 17 ක්, ලැප්ටොප් පරිගණක 20 ක්, අඟල් 32 LED රූපවාහිනි යන්ත්‍ර 17 ක්, හෝම් තියටර් 17ක්, ටැබ් පරිගණක යන්ත්‍ර 20 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 24 ක් ද වශයෙන් නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමිණි.

නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ ගිණුම් හිමි සියළුම නාවික පුද්ගලයන් එම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමා සහ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ත්‍යාගලාභී නාවික පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.