කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2019 සඳහා නෞකා සහ යාත්‍ර‍ා 17 ක් එක්වෙයි.
 

‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) ඊයේ (ජනවාරි 26) දින සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා නාවික‍ නෞකා සිදුරළ නෞකාවේදි පැවැත්වූ අතර, අද (ජනවාරි 27) වන දින කොළඹට නුදුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත, රත්නදීප යන නෞකාවන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකාවන් වන සුරක්‍ෂා සහ සමුද්‍රරක්‍ෂා යන නෞකාවන් 09 ක් සමඟින් වේග ප්‍රහාරක යාත්‍රා 08 ක් මෙම අභාස්‍ය සඳහා සහභාගී වන ලදී.

ඒ අනුව, නෞකා හැසිරවීම, මුහුදේදී රාත්‍රී වෙඩි පුහුණුව, මුහුදේදී පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරුව, අනතුරටපත් නෞකාවක් ඇදගෙන යාම සහ සංඥා හුවමාරු ක්‍රම ආදී වූ අභ්‍යාසයන් අද දිනයේ සිදු කල අතර, හෙට දිනයේදී ද තවත් මෙවැනි අභ්‍යසයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එමෙන්ම මෙහි අවසන් අභ්‍යාසය එළඹෙන ජනවාරි මස 29 වන දින පැවැත්වීමට නියමිතව ඇත.