කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2019 සඳහා නෞකා සහ යාත්‍රා 17 ක් එක්වෙයි.
‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) ඊයේ (ජනවාරි 26) දින සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාවේදි පැවැත්වූ අතර, අද (ජනවාරි 27) වන දින කොළඹට නුදුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත, රත්නදීප යන නෞකාවන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකාවන් වන සුරක්ෂා සහ සමුද්රරක්ෂා යන නෞකාවන් 09 ක් සමඟින් වේග ප්‍රහාරක යාත්‍රා 08 ක් මෙම අභාස්‍ය සඳහා සහභාගී වන ලදී.
27 Jan 2019
ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණුවක් හික්කඩුව මුහුදේදී.
ජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව අද (ජනවාරි 27) හික්කඩුවට බටහිරින් වු මුහුදේ දී ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණු අභ්‍යාසයක් පැවැත්විය.
27 Jan 2019
234 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 329 දෙනෙකු විසිර යති.
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 234 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 329 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (ජනවාරි 26) විසිර යන ලදී.
27 Jan 2019
මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළි ඉන්දියාවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් යලි එරටට භාර දීම ඊයේ (ජනවාරි 26) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.
27 Jan 2019