කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2019 ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේදී ආරම්භ කෙරේ.
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇති ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise – CONEX 19) අද (ජනවාරි 26) ආරම්භ කෙරුණු අතර, එය ජනවාරි 29 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

26 Jan 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 25) සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

26 Jan 2019

අවසරපත් නොමැතිව වැලි පැටවූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරීන් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ සර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් එක්ව ඊයේ (ජනවාරි 25) කන්දල්කාඩු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් හා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

26 Jan 2019