ශ්‍රී ලංකා වෙළාරක්‍ෂක බලකායට ඕස්ට්‍රේලියාවෙන් යාත්‍රා ත්‍රිත්වයක් ප්‍රදානය කෙරේ
 

ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට යාත්‍රා ත්‍රිත්වයක් (03) ප්‍රධානය කිරීමේ උත්සවය අද (ජනවාරි 25) කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී සිදු කරන ලදී.

25 Jan 2019

නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය ජනවාරි 21 සහ 22 වන දින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

25 Jan 2019

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (ජනවාරි 24) පලෙයිතිව් දුපතට නාවික සැතපුම් 01 නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2019

කළු ග‍ඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනේ
 

දකුණු කළුතර පොලිසිය විසින් කළ ඉල්ලිමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක නාවිකයින් පිරිසක් විසින් ඊයේ සන්ධ්‍යාවේ (ජනවාරි 24) කළු ග‍ඟේ උතුරු පාලම අසල දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සමත් විය.

25 Jan 2019

නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (ජනවාරි 24) කන්තලේ දෙහිවත්ත ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2019