කොළඹ නාවික අභ්‍යාසය 2019
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇති ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) එළඹෙන ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව ඇත.

23 Jan 2019

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් පසුගිය ජනවාරි මස 16 වන දින පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය ප්‍රදේශයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කළ අතර, දින 08 ක් පුරා පැවැති මෙම වැඩසටහන අද (ජනවාරි 23) දින සාර්ථක ලෙස නිමාවට පත් විය

23 Jan 2019