නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජනවාරි 22) දින මඩකළපුව, කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

22 Jan 2019

‘අන්ගි කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘අන්ගි කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජනවාරි මස 19 වන දින බොල්ගොඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 42 දෙනෙකු රුවල් යාත්‍රා 24 ක් සමඟින් සහභාගී වන ලදී.

22 Jan 2019

දකුණු නාවික විධානය භාර ආඥාපති දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි
 

දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ඊයේ (ජනවාරි 21) දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී දකුණු පළාත් ආණ්ඩුකාර, ගරු කීර්ති තෙන්නකෝන් මැතිතුමා හමුවිය.

22 Jan 2019