සාර්ථක සංචාරයකින් අනතුරුව ජපාන නාවික හමුදාවට අයත් ‘ඉකසුචී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය ජනවාරි 15 වන දින හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව අද දින (ජනවාරි 17) සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් හම්බන්තොට වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කළ අතර, හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට ද සහභාගි වන ලදී. එමෙන්ම, ඊයේ (ජනවාරි 16) හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ පාසැල් දරුවන් හට නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවකට ද අවස්ථාව ලබාදී තිබූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ තවත් වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.