අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව 2019 ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝනය විසින් සංවිධනය කරනු ලබන අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව (Asymmetric Warfare Course) ඊයේ (ජනවාරි 07) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී. පාඨමාලාවේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් තුසිත දමින්ද මහතා සහභාගි වීය.

තවද, සති 12 ක කාලසීමාවක් පැවැත්වෙන මෙම පාඨමාලාවේදී අසමමිතික යුධ උපක්‍රම පිළිබඳව ශ්‍රීලංකා නාවික හමුදාව සතු දැනුම උපරිම අයුරින් ලබාදීම අපේක්‍ෂා කරන අතර, බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, පකිස්ථානය, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් ඇතුළු පුහුණුවන්නන් තිස්දෙදෙනෙකු (32) මෙම පාඨමාලාව සඳහා සහභාගී වනු ඇත. තවද, මෙම පාඨමාලාව අප්‍රේල් මස 02 අවසන් කිරීමට නියමිතව ඇත.