නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 114.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (ජනවාරි 07) අළුයම පේදුරුතුඩුව මුහුදු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 114.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් පලාගොස් ඇත.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරු තුඩුව, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණු අතර, සැකකරුවන් සෙවීමේ මෙහෙයුම තවදුරටත් සිදුකරණු ලබයි.