අවසරපත් නොමැතිව මුහුදු වැලි ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කලවන්චිකුඩා පොලිස් නිලධාරින් සමඟ සම්බන්ධ වී ඊයේ (ජනවාරි 06) කළුදවේලි ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව මුහුදු වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 29 ක කළුදවේලි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු විසින් ප්‍රවාහනය කරමින් සිටි වැලි කියුබ් එකක් සහිත ට්‍රැක්ටර් රථය නාවික හමුදාභාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයා හා වැලි පිරවූ ට්‍රැක්ටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කලවන්චිකුඩා, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.