කොමාණ්ඩර් (අවි) ප්‍රසාද් විතානගේ ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ප්‍රසාද් විතානගේ මහතා අද (ජනවාරි 05) වැඩ භාර ගන්නා ලදී.

කන්කසන්තු‍රේ ශ්‍රිලංනා‍නෞ උත්තර ආයතන‍යේ අංක 01 ජැටියේ දී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් (මාලිමා) බුද්ධික ජයවිර මහතා විසින් නව අණදෙන නිලධාරීතුමන් වෙත සිය රාජකාරීන් නිසි ලෙස භාර දීම සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.