නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
 

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 04) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවිය.

එහිදී, ආරක්ෂක ලේකම්තුමා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිතුමන් වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලදී. සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා ආරක්ෂක ලේකම් තුමන් හමුවූ එම පළමු නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.