නව නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 03) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය. මෙම හමුව වයිස් අද්මිරාල් සිල්වා මහතා, නාවික හමුදාධිපතිතුමන් වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යතුමන් හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය.

පළමුව ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.