ජලයෙන් යට වූ කන්දවලෛ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නාවික හමුදා සහාය
 

මෙම දිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි විපතට පත් ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් සහන මෙහෙයුම් වල නිරත වන අතර, මේවන විට ඒ සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 06 ක් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

23 Dec 2018

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
 

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (දෙසැම්බර් 23) වැල්ලවත්ත සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.

23 Dec 2018

‘රුෂ්මෝර්’ නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
 

පසුගිය දෙසැම්බර් 21 වන දින මෙරටට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ආර්.සී ට්‍රයන් මහතා ඇතුළු නෞකාවේ නිලධාරින් පිරිසක් ඊයේ (දෙසැම්බර් 22) බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

23 Dec 2018

අයහපත් කාලගුණයෙන් විපතට පත් වන්නි ජනතාවට නාවික හමුදා සහාය
 

මෙම දිනවල කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට එම ප්‍රදේශවල සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.

23 Dec 2018

නාවික හමුදාධිපතිතුමන් ගිණි‍කොණ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 20 වන දින ගිණි‍කොණ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී, ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

23 Dec 2018

රුසියානු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවේ බලඝණ ආඥාපති, රියර් අද්මිරාල් එඩ්වඩ් මිහායිලෝව් සහ රුසියානු නාවික නෞකා ‘වර්යාග්’, ‘අද්මිරාල් පැන්ට්ලීවි’ සහ ‘බෝරිස් බටෝමා’ යන නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් යුරේවිච් උල්යැන්කෝ මහතා, කපිතාන් විටැලිවිච් ඇන්ට්සිෆීරෝ මහතා සහ කපිතාන් ඇලෙක්සැන්ඩෝවිච් බොන්ඩා යන මහත්වරුන් පසුගිය දෙසැම්බර් 21 වන දින නාවික හමුදා මූලස්ථානයේදී මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

23 Dec 2018