2018/2019 තරඟ වාරය සඳහා නාවික හමුදා රග්බි කණ්ඩායම් වෙනුවෙන් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පෞද්ගලික) සමාගම අනුග්‍රාහකත්වය දක්වයි
 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ‍ක්ෂේත්‍ර‍යේ දියුණුව සඳහා කවදත් දායකත්වය ලබා දෙනු ලබන Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගම 2018/2019 තරඟ වාරය සඳහා ‍ රුපියල් මිලියන 08 ක අනුග්‍රාහක දායකත්වයක් නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත ලබා දීමට ඉදිරිපත් වි ඇති අතර, ඒ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (දෙසැම්බර් 19) කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

19 Dec 2018

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 07 ක් යලි එරටට භාර දීම ඊයේ (දෙසැම්බර් 18) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

19 Dec 2018

‘ආචාර්ය නිහාල් ඡිනසේන අනුස්මරණ රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

රුහුණු රුවල් යාත්‍රා සාමාජය මගින් සංවිධානය කරනු ලබන ‘ආචාර්ය නිහාල් ඡිනසේන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 15 වන දින කප්පරතොට, මිරිස්ස මුහුදු තීරයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 67 දෙනෙකු රුවල් යාත්‍රා 50 ක් සමඟින් සහභාගී වන ලදී.

19 Dec 2018

චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

මෙරටට පැමිණි සිටින චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ෂායි යුහුආන් මහතා (Major General Zhai Yuehuan) ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය දෙසැම්බර් 17 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

19 Dec 2018