ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 68 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රට වැට බැදි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට (‍දෙසැම්බර් 9) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් සිදු කරනු ලබන වැඩසටහන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් සංවිධානය කරන ලදී.

09 Dec 2018

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 58 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු සහ 56 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 02 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු පසුගිය දෙසැම්බර් 07 වන දින අධිකාරියට පත් කරන ලදී.

09 Dec 2018