අඛණ්ඩව 18 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි
 

ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර තරඟාවලිය පසුගිය දෙසැම්බර් 01 වන දින සිට 04 වන දින දක්වා මීගමුව, කඩොල් කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්‍ෂතා දක්වමින් 2018 වර්ෂයේ ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

05 Dec 2018

68 වන නාවික දිනයට සමගාමිව නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පසුගිය දෙසැම්බර් 02 සහ 03 යන දෙදින තුළ පැවැත්විණි.

05 Dec 2018

අභිනවයෙන් ඉදි කළ ‘මිහින්තලය නාවික නිකේතනය’ විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 02 සහ 03 යන දෙදින තුළ උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලදි.

05 Dec 2018

68 වන නාවික දිනයට සමඟාමිව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් වැලිසරදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් පසුගිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 වන දින පැවැත්විණි.

05 Dec 2018

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය දෙසැම්බර් 01 වන දින, මෙරටට පැමිණි ඉන්දියානු වෙරළාරක්‍ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (ප්‍රතිපත්ති සහ සැලසුම්), ඉන්ස්පෙක්ටර් ජෙනරාල් වීඑස් පතානියා මහතා සහ ‘සමර්’ සහ ‘අර්යමන්’ නෞකාවන්හි අණදෙන නිලධාරින් වන ඩිපියුරිටි ඉන්ස්පෙක්ටර් ජෙනරාල් අරුනාබ් බෝස් මහතා සහ ඩිපියුරිටි කමන්ඩාන්ට් කරන් කිෂෝර් මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පසුගිය දෙසැම්බර් 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

05 Dec 2018