නාවික හමුදා කථික තරඟාවලිය 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් තෙවනවරටත් සංවිධානය කරනු ලබූ නාවික හමුදා කථික තරඟාවලිය 2018 ඊයේ (නොවැම්බර් 30) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා සියළුම විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

නාවික හමුදා නිලධාරින්ගේ කථන හැකියාව වැඩි දියුණු කිරීම මුලික කරගනිමින් අරම්භ කරන ලද මෙම තරඟාවලිය ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරි වශයෙන් කාණ්ඩ දෙකක් (02) යටතේ සංවිධානය කර තිබුණි. එම කාණ්ඩ ද්විත්වයෙන්ම ජයග්‍රහණය කළ පළමු, දෙවන හා තෙවන ස්ථානයන් සඳහා පිළිවෙලින් රුපියල් 100,000, 75,000 සහ 50,000 බැගින් මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා යන මහත්වරුන් අතින් සිදු කෙරිණි.

ඒ අනුව පහත සඳහන් නිලධාරින් අදාළ කාණ්ඩයන් යටතේ ජයග්‍රහණය තහවුරු කර ගැනිමට සමත් විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරි අංශය

ප්‍රථම ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් එස්ජීඑන් පෙරේරා (නැගෙනහිර නාවික විධානය)
     
දෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් එස්ජේඩීඑම් ජයවීර (බටහිර නාවික විධානය)
     
තෙවන ස්ථානය ලුතිනන් කොමාණ්ඩර් කේකේඩීඑම්ඩී කරුණාරත්න (නැගෙනහිර නාවික විධානය)
     

කනිෂ්ඨ නිලධාරි අංශය

ප්‍රථම ස්ථානය ලුතිනන් එච්පීඑම්වයි හේවාවසම් (නැගෙනහිර නාවික විධානය)
     
දෙවන ස්ථානය ලුතිනන් ඒඑස්එච් ද සිල්වා (බටහිර නාවික විධානය)
     
තෙවන ස්ථානය ලුතිනන් ආර්ඒඒඒ කරුණාරත්න (උතුරු නාවික විධානය)
     

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ඩන්කන් මොදර්සිල් මහතා, එම ආයතනයේම වෘත්තීය පුහුණු සම්බන්ධීකාරක, ලුසී නිකොල්ස් මහත්මිය, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්‍ සහ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.