68 වන නාවික දිනයට සමඟාමිව ක්‍රිස්තියානි දේව මෙහෙයක් කොළඹදී
 

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සර සැමරුම එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදි ඇති අතර, ඒ අනුව නාවික හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය ඊයේ (නොවැම්බර් 13) කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පැවැත්විණි.

14 Nov 2018

‘කළු ග‍ඟ’ ජලාශයෙහි සිදු කළ නාවික හමුදා කිමිදුම් මෙහෙයුම
 

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් විසින් මාතලේ, ලග්ගල ප්‍රදේශයේ පිහිටි ‘කළු ගඟ’ ජලාශයේ ගිලි තිබූ බුල්ඩෝසරයක් ගොඩගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් පසුගිය නොවැම්බර් 09 වන දින ආරම්භ කළ අතර, එම බුල්ඩෝසරය සාර්ථකව ගොඩගැනිමට එම නාවිකයින් කටයුතු කරන ලදී.

14 Nov 2018

නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය නිවාස ව්‍යාපෘති රැසකට සිය ශ්‍රම දායකත්වය සපයයි
 

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුර්ණ උපදෙස් මත ත්‍රිවිධ හමුදාවට අනුයුක්ත සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් හට මෙන්ම සිවිල් ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරිමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.

14 Nov 2018