05 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - වැලිසරදී
 

5 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය පසුගිය ඔක්තෝබර් 05 වන දින සිට 13 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පවත්වන ලදී. එහිදි නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දක්‍ෂතා විදහා දක්වමින් සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම තරඟාවලියේ පිරිමි අංශයේ දක්‍ෂතම වෙඩික්කරු වශයෙන් නාවික හමුදාව නියෝජනය කළ බල නැවි යමිත් ක්‍රිෂාන්ත නාවිකයා සම්මාන හිමිකර ගත් අතර, මිටර් 10 කාන්තා වායු රයිෆල් ඉසව්වේ ලකුණු 623.3 ක් රැස් කර ගනිමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ කාන්තා සංඥා ටේහානි එගොඩවෙල නාවිකයා තරඟාවලියේ දක්‍ෂතම කාන්තා වෙඩික්කරු සම්මානය දිනා ගන්නා ලදී. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ක්‍රීඩා සමාජ රැසක් මෙන්ම දිවයින පුරා පිහිටි පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසක් සහභාගී විය.    

පසුගිය ඔක්තෝබර් මස 15 වන දින උස්වැටකෙයියාව, මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහභාගි විය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා වෙඩිතැබිමේ සංචිතයේ සභාපති, කොමදෝරු බන්දුල සේනාරත්න මහතා සහ එහි ලේකම්, ලුතිනන් කොමාණ්ඩර් සුජිත් කුමාර මහතා සහභාගිවි සිටියහ.